පිටකොටුව පොලිස් බලප්‍රදේශය හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කළ ද මැනිං පොදු වෙළෙඳපොළ විවෘත කිරීමට අවසර නොදෙන බව පොලිසිය පවසනවා.
නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, එහි හතරවන හා පස්වන හරස්වීදිවල ද තොග සහ වෙළඳාම් කටයුතු සිදු කිරීම නැවත දැනුම් දෙනතුරු සිදු කළ නොහැකි බවයි.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, රාගම පොලිස් වසම් සහ කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, වෙරළබඩ හා පිටකොටුව යන පොලිස් වසම් තුන හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව අද උදෑසන නිවේදනය කෙරුණා.
එමෙන්ම මට්ටක්කුලිය සහ වැල්ලම්පිටිය පොලිස් වසම්වල කුඩා ස්ථාන කිහිපයක් හා නිවාස සංකීර්ණ කිහිපයක් ද තවමත් හුදෙකලා තත්ත්වයේ පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :

