පී.සී.ආර්. පරීක්ෂණවලට පෙනී නොසිට, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව හෙට සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, දැනට හුදෙකලාකර ඇති ඇතැම් ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරන බවට තොරතුරු වාර්තා වන බවයි.
සතියකට ආසන්න කාලයක් මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ බවත් තවදුරටත් එම උපදෙස් පිළි නොපදින්නේ නම් නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියා.
එමෙන්ම බී වාර්තා මගින් අදාළ පුද්ගලයින් පිළිබඳව අධිකරණයට වාර්තාකර, හුදෙකලා කාල සීමාව අවසන් වූ විගස ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව කටයුතු කරන්නන්ගේ නිශ්චල සහ චංචල දේපළ නිරෝධායන රීතීන් යටතේ මුද්‍රා තැබීමට ද කටයුතු කරන බවයි.
එමෙන්ම මෙවැනි කටයුුතු සඳහා අන්තර්ජාලය හරහා අනුබල දෙන සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හඳුනාගෙන ඇති බව ද අජිත් රෝහණ මහතා පැවසුවා.
එවැනි පුද්ගලයින්ට එරෙහිව ද නීතිය ක්‍රියාක්මක කිරීමට කටයුතු කරන බව පැවසූ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ එවැන්නන්ට එරෙහිව වසර තුනක සිර දඩුවම් ලබා දීය හැකි බවයි.