News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
29

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි

534 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනයවී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර ඉන් පසුව තවදුරටත් වර්ධනය විය හැක. මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත.

ඌව, මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post