News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

679 Views


ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් ව පළමු වස ඉසිපතනාරාමයෙහි ගතකොට අවසන් වීමත් සමග ප්‍රථමයෙන් පැවිද්ද ලබා ගත් පස්වග තවුසන් අනතුරුව පැවිද්ද ලබා ගත් යසකුල පුත්‍රයා ප්‍රධාන යහළුවන් පස් දෙනාද වශයෙන් හැට නමක් වු රහත් භික්ෂුන් අමතා “මහණෙනි බොහෝ දෙනාට හිත සුව පිණිස සැප පිණිස ලෝකයාට අනුකම්පාව පිණිස දෙවි මිනිසුන්ගේ යහපත හා සැප පිණිස දේශණා කරන්න. චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය” යනුවෙන් වදාළහ.

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර, ජටිල දමනය ඇතුළු වැදගත් සිදුවීම් රැසක් ඉල්පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති අතර කඨින මාසය අවසන් වීමෙන් පසු සිදුකරන කථින චීවර පූජාව සිදුකළ හැකි අවසන් දිනය වන්නේ ද ඉල්පුර පසළොස්වක පොහොය දින බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post