මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුමේදී තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව රෝහලට 76 දෙනකු ඇතුලත් කර ඇති අතර එයින් 48 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර තිබෙන අතර එහිදී 26 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.