News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

ඇන්ටිජන් කට්ටල රජයේ සියලු ප්‍රධාන රෝහල් වෙත – පෞද්ගලික රෝහල්වලටත් ඒ සඳහා අවසර

432 Views


ඇන්ටිජන් කට්ටල රජයේ සියලු ප්‍රධාන රෝහල් වෙත – පෞද්ගලික රෝහල්වලටත් ඒ සඳහා අවසර

කොරෝනා වෙෙරසය ආසාදනය වන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන ඇන්ටිජන් පරීක්ෂණවලට අවශ්‍ය කට්ටල රජයේ සියලු ප්‍රධාන රෝහල් වෙත ලබා දී තිබෙනවා.

එමෙන්ම පෞද්ගලික රෝහල්වලට ද එම පරීක්ෂණ පැවැත්වීම සඳහා අවශ්‍ය අවසරය මේ වනවිට ලබා දී ඇති අතර එහි අධීක්ෂණ කටයුතු සිදු වන බව රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පැවසුවා.

ඔහු පැවසුවේ, එම රෝහල්වල රෝගියෙකු කිසියම් සැත්කමකට යොමු කරන්නේ නම් ඒ සඳහා ද අදාළ කට්ටල භාවිත කළ හැකි බවයි.

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා වැයවන මුදල රුපියල් 1200ක්.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති තවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ ඇත්නම් ඒවා ලියාපදිංචිකර, ගුණාත්මකභාවය පරීක්ෂාකර භාවිතයට ගැනීමට සැළසුම්කර ඇති බවයි රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේ වනවිට මෙරට තුළ ඇති එම පරීක්ෂණ කට්ටල සංඛ්‍යාව 50,000ක් පමණ වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පළමු තොගය ලෙස ලක්ෂයක් ද දෙවැනි තොගය ලෙස ලක්ෂ 4ක් ද මරටට ලබා දීමට නියමිත බවයි ඔහු පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post