News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

දිවිනැගුම නඩුවෙන් බැසිල් ඇතුළු 4ක් නිදොස් කොට නිදහස් කෙරේ

445 Views


දිවිනැගුම නඩුවෙන් බැසිල් ඇතුළු 4ක් නිදොස් කොට නිදහස් කෙරේ

කොළඹ මහාධිකරණයේ විභාග වූ දිවිනැගුම නඩුවෙන් ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළා.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2,992කට අධික මුදලක් වැයකර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ඔවුන්ට එල්ල වී තිබූ චෝදනාවයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අය නිදොස් කොට නිදහස් කෙරුණු සෙසු විත්තිකරුවන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post