මහර බන්ධනාගාරයේ ඊයේ හටගත් කලහකාරී තත්ත්වය සමග ඇති වූ ගින්නෙන් එහි දේපළ රැසකට හානි සිදුව ඇති බව වාර්තා වනවා.
ඒ අනුව එම බන්ධනාගාරයේ ලේඛනාගාරය, සිර මැදිරි කිහිපයක්, ආහාර ගබඩාව සහ අධිකාරි හා සහකාර අධිකාරි කාර්යාල ගින්නෙන් විනාශ වී තිබෙනවා.
එමෙන්ම අදාළ සිද්ධියෙන් තුවාල ලැබූවන් 71 දෙනෙකු මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අද දහවල් වනවිට මරණයට පත් වූ සංඛ්‍යාව දැක්වුණේ 8ක් ලෙසයි.
මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවට භාර කරන බව අද පාර්ලිමේන්තුවේදී විෂයය භාර අමාත්‍යවරිය කියා සිටියා.
මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඊයේ දහවල් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබුණා.