මහර බන්ධනාගාරයෙ ඊයේ අැති වූ නොසන්සුන්තාව හේතුවෙන් මියගිය ගණන 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 43 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර අැති අතර එ් අතරට බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු ද අයත්.
එමෙන්ම එම සිද්ධියත් සමග බන්ධනාගාරයේ හටගත් ගින්න මේ වනවිට පාලනයකර තිබෙනවා.
එහි තත්ත්වය මුළුමනින්ම පාලනය කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.
මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඊයේ දහවල් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබුණා.
එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකායේ කණ්ඩායම් කිහිපයක් ද කැඳවීමට සිදු වුණා.