මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය හා වේරහැර කාර්යාලය මගින් සැපයෙන සේවාවන් ලබා ගැනීමේදී කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා මින් පෙර හඳුන්වා දී තිබූ දුරකතන අංක ඇමතීම මගින් සේවාලාභීන් පත්වන අපහසුතාව අවම කිරීම සඳහා මෙම නව දුරකතන අංකය හඳුන්වා දී ඇති බවයි.
පෙර හඳුන්වා දී තිබූ දුරකතන අංක අවලංගුකර ඇති බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එමෙන්ම මේ වනවිටත් වෙන්කරගෙන ඇති සේවාවන් වලංගු වන අතර ඒ අනුව එම සේවා ලබා ගැනීමට සේවා ලාභීන්ට හැකියාව පවතිනවා.
පැය 24 පුරා ක්‍රියාත්මක වන නව දුරකතන අංකය – 011 2 677 877