News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
30

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකතන අංකයක්

492 Views


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකතන අංකයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය හා වේරහැර කාර්යාලය මගින් සැපයෙන සේවාවන් ලබා ගැනීමේදී කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා මින් පෙර හඳුන්වා දී තිබූ දුරකතන අංක ඇමතීම මගින් සේවාලාභීන් පත්වන අපහසුතාව අවම කිරීම සඳහා මෙම නව දුරකතන අංකය හඳුන්වා දී ඇති බවයි.

පෙර හඳුන්වා දී තිබූ දුරකතන අංක අවලංගුකර ඇති බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම මේ වනවිටත් වෙන්කරගෙන ඇති සේවාවන් වලංගු වන අතර ඒ අනුව එම සේවා ලබා ගැනීමට සේවා ලාභීන්ට හැකියාව පවතිනවා.

පැය 24 පුරා ක්‍රියාත්මක වන නව දුරකතන අංකය – 011 2 677 877


News Articles
Latest Videos
Most Popular Post