සති අන්තයේ සීමා කෙරුණු පොදු ප්‍රවාහන සේවා අද සිට යළිත් සාමාන්‍ය ලෙස සිදු කෙරෙන බව ප්‍රවාහන බලධාරීන් පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, සති අන්තයේ සීමා කෙරුණු දුම්රිය පසුගිය සතියේ ධාවනය වූ පරිදි අද සිට යළි ධාවනයට එක් කෙරෙන බවයි.
එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලුම බස් රථ සහ අන්තර් පළාත් බස් රථ සාමාන්‍ය කාල සටහන්වලට අනුව අද සිට ධාවනය කෙරෙනු ඇති.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව සහ ආසනවල ප්‍රමාණයට පමණක් මගීන් ප්‍රවාහනය කරන ලෙස සියලුම බස් රථ සේවකයින් දැනුවත්කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවා.