බෙංගාලබොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශය තවදුරටත් අදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට එම කටයුතුවල නියැලීමෙන් වළකින ලෙසයි එම මධ්‍යයස්ථානය දැනුම් දෙන්නේ.
එමෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව පැවසුවේ, කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද ඉහළ යා හැකි බවයි.