හෙට සිට යළි දැනුම් දෙනතුරු දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන්නැයි දන්වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අනිද්දා නැගෙනහිර වෙරළට ඇතුළු විය හැකි සුළි කුණාටුවක බලපෑම හේතුවෙන් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදේ එම කටයුතුවල නියැලීමෙන් වළකින ලෙසයි.