News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

ඊයේ දිනයේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹින්

693 Views


ඊයේ දිනයේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹින්

ගත වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 503 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 23,987ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

496ක් දේශීයවත්, විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් 6 දෙනෙක් ලෙසත් සහ විදෙස්ගත මුහුදු ආරක්ෂක නිලධාරියෙකු වශයෙනුත් එලෙස ආසාදිතයින් වාර්තා වී තිබුණා.

ඊයේ දිනයේදීත් වැඩිම දෛනික ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 147ක්.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 130ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41ක් හඳුනාගෙන තිබෙනවා.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,309ක්.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 58ක් තුළ පුද්ගලයින් 6,204 දෙනෙක් නිරෝධායනය වෙමින්  සිටින බවයි.

එමෙන්ම ඊයේ දිනය තුළ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 12,031ක්.


News Articles
Latest Videos
Most Popular Post