කොරෝනා වෙෙරසය වැළදී මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම අනිවාර්යය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා.
ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද ඒම පෙත්සම කැදවූ අවස්ථාවේදීයි.
කොරෝනා වෙෙරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම අභියෝගයට ලක් කරමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ ඥාතීන් ඇතුළු පාර්ශව කිහිපයක් අදාළ පෙත්සම ගොනුකර තිබුණා.