News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතන සිද්ධියේ මහමොළකරු අබුඩාබිහිදී කොටුවෙයි

1357 Views


ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතන සිද්ධියේ මහමොළකරු අබුඩාබිහිදී කොටුවෙයි

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතාව ඝාතන කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා ඉකුත් 29 වැනිදා අබුඩාබිහිදී ජාත්‍යන්තර පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අැති අතර ප්‍රධාන සැකකරු රටින් පළා ගොස් තිබූ බවයි.

එ් සමග අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් මත අදාළ සැකකරුට රතු නිවේදන නිකුත්කර ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කළ බව අජිත් රෝහණ මහතා කියා සිටියා.

එ් අනුව ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත්කර එම සැකකරු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය කටයුතුකර තිබුණා.

අජිත් රෝහණ මහතා පැවසුවේ එම සැකකරු සම්බන්ධයෙන් උදර්පණ නීතිය අනුව කටයුතු කරන බවයි.

2018 වසරේ මැයි මස 24 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතා ඝාතනයට ලක්වුණා.

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ද වූ රන්ජන් ද සිල්වා මහතාට වෙඩි තබා තිබුණේ ඔහුගේ පුත් රමාල් සමග තිබූ ආරවුලක් මත බව පසුව අනාවරණකර ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post