මහර බන්ධනාගාර ගැටුමෙන් පසු රෝහල්ගතකර සිටින රැඳවියන් අතරින් 38 දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී තිබෙනවා.
එම රැඳවියන් සඳහා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලදී අද තවත් 12දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.
ඊයේ දිනයේ ද ආසාදිතයින් 26දෙනෙකු හඳුනා ගත් අතර ඒ අනුව දැනට රෝහල්ගතකර සිටින රැඳවියන්ගෙන් 38 දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.
එමෙන්ම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ 107 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.