මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් මියගිය රැඳවියන් ගණන 9 දක්වා ඉහළ ගියා.
පොලිසිය පැවසුවේ, අද තවත් රැඳවියකු මියගිය බවයි.
එමෙන්ම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ 107 දෙනෙකු මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක්ම ක්‍රියාත්මක අතර ඒ සඳහා ඊයේ අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් මත පංච පුද්ගල කමිටුවක් ද පත් කෙරුණා.
තවත් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන්නේ පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි.