News Line| Off Air
Generic placeholder image

Dec
1

සුළි කුණාටුවේ බලපෑම නිසා පළාත් කිහිපයකට ඉතා තද වැසි සහ තද සුළං

766 Views


සුළි කුණාටුවේ බලපෑම නිසා පළාත් කිහිපයකට ඉතා තද වැසි සහ තද සුළං

ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පෙරවරු 11 පමණ වනවිට ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝ මීටර 500ක දුරින් ස්ථානගතව පැවති බවයි.

එම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නැගෙනහිර, උතුර, උතුරුමැද, මධ්‍යම, වයඹ සහ සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි වනවා.

එමෙන්ම පැයට කිලෝ මීටර 80ත් 90ත් දක්වා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

සෙසු ප්‍රදේශවලට මිලි මීටර 100ට වැඩි තද වැසි සහ පැයට කිලෝ මීටර 60ත් 70ත් අතර ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post