ලෝක ඒ්ඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා.
– ගෝලීය සහයෝගීතාවය සහ හවුල් වගකීම – යන්න මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව වන අතර මෙය කොරෝනා වසංගතය ද හේතු කොටගෙන නිර්මාණයකර තිබෙනවා.
මෙර ඇස්තමේන්තුගතකර ඇතිට HIV ආසාදිතයින් ගණන 3600ක් වන අතර ඔවුන්ගෙන් 2304ක් HIV ඇති අය වනවා.
එමෙන්ම සායනවලින් ප්‍රතිකාර ගන්නා HIV ආසාදිතයින් ගණන 1845ක්.
පසුගිය වසර කිහිපය තුළ පෙනී ගිය සුවිශේෂී කරුණක් වූයේ වයස අවුරුදු 15 – 24 අතර යෞවනයන්ගේ HIV ආසාදනයේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.
2019 වසරේදී නව HIV ආසාදිතයන්ගෙන් 54ක් එනම් 12%ක්ම මෙම වයස් කාණ්ඩවල තරුණ තරුණියන් වූ අතර මොවුන් අතරින් ද 89%ක්ම පිරිමි පුද්ගලයින් වීම විශේෂත්වයක්.
ඒ අනුව ශ්‍රී ලංකාවේ HIV වසංගත ව්‍යාප්තිය සළකමින් මෙම වසරේ ඒ්ඩ්ස් දින සැමරුම් තේමාව – තාරුණ්‍යයේ වගකීම ඉටු කරමු HIV වළකමු – යන්නයි.
ශ්‍රී ලංකාව HIV හෙවත් මානව ප්‍රතිශක්තීකරණ ඌණතා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් අඩු අවදානම් සහිත රටක් වන අතර මෙරට HIV ව්‍යාප්තිය 0.1 කටත් වඩා අඩු අගයක පවතිනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන නව HIV ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් මෑත කාලය තුළ දක්නට ලැබෙනවා.
2019 වසර තුළ පමණක් නව HIV ආසාදිතයින් 439ක් වාර්තා වී ඇති අතර ඉන් 359ක්ම පිරිමි පුද්ගලයින්.
ශ්‍රී ලංකාව තුළ HIV පැතිරීම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ආසාදිත සහකරුවන් සමග අනාරක්ෂිත ලිංගික සබදතා පැවැත්වීම මගින්.
එයින්ද පිරිමි අතර පවතින සමලිංගික අනාරක්ෂිත ලිංගික හැසිරීම් හේතුවෙන් HIV ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ සුලභව සිදු වනවා.
මෙවර ලෝක ඒ්ඩ්ස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒ්ඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ තරුණ ප්‍රජාවට HIV ආසාදනය වීමට හේතු ගණනාවක් ඇති බවයි.
එම හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, අඩු වයසින් ලිංගික සබදතාවලට යොමු වීම, HIV සහ ලිංගාශ්‍රිත රෝග පිළිබද දැනුවත්භාවය මද වීම, අවදානම් ලිංගික හැසිරීම්වලින් වැළකීමට ප්‍රමාණවත් කුසලතා නොමැති වීම, නවීන තාක්ෂණය අනිසි ලෙස භාවිතා කිරීම, නොදන්නා පුද්ගලයින් සමග තාක්ෂණික සබඳතා ඇතිකර ගැනීම, කිහිපදෙනෙකු සමග ලිංගික සබදතා පැවැත්වීම හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම යන කරුණුයි.
HIV වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලිංගික අධ්‍යාපනය සහ ජීවන කුසලතා සංවර්ධනය කිරීම, විවාහය තෙක් ලිංගික සබදතා ප්‍රමාද කිරීම, එක් විශ්වාසවන්ත සහකරුවෙකුට හෝ සහකාරියකට ලිංගික සබඳතා සීමා කිරීම, ලිංගික එක්වීමකදී සෑම විටම කොන්ඩමයක් භාවිතා කිරීම, HIV ආසාදනය සඳහා අවදානමක් ඇති අය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා සදහා යොමු කිරීම සහ HIV සඳහා ඇති අපකීර්තිය හා වෙනස් කොට සැළකීම් අවම කිරීමෙන්, අවශ්‍ය ප්‍රතිකාර හා රැකවරණය සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වැදගත් බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
එමෙන්ම මෙරට තුළ 1600ක පමණ පිරිසක් HIV ආසාදිතව, ප්‍රතිකාර නොලබමින් ජීවත් වන බවත්, තමා ආසාදිතයෙකුදැයි දැනගත හැක්කේ පරීක්ෂණයක් සිදුකිරීමෙන් පමණක් වන බවත් වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
HIV ආසාදිතයින් අඛණ්ඩව ප්‍රතිකාර ගැනීමෙන් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය යහපත් තත්ත්වයක පවත්වාගත හැකි වන අතරම ප්‍රතිශක්තීකරණය දුර්වල වීමෙන් HIV ආසාදිතයින්ට කොරෝනා වෙෙරසය වැළඳීමේ අවදනාමක් ද පවතින බවයි වෙෙද්‍යවරුන් පවසන්නේ.
ශ්‍රී ලංකාව තුළ HIV සඳහා නොමිලේ ප්‍රතිකාර ලබාදෙන අතර සෑම දිස්ත්‍රික්කයකම ඒ සඳහා වෙන්කර ඇති සායන ගණන 42ක්.
එමෙන්ම HIV පරීක්ෂණ ද නොමිලේ සිදුකර ගැනීමේ පහසුකම් සළසා තිබෙනවා.
ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත්කර ඇති අතර එම පණිවිඩය පහතින් :
