නව කොරෝනා ආසාදිතයින් 350 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.
එම මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 24,882ක් දක්වා ඉහළ ගියා.
එමෙන්ම වෛරසය වැළඳී මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 18,000 ඉක්මවා ගිය අතර එම ගණන 18,304ක්.