“බුරවී” සුළි කුණාටුව වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහල හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කෙරේ.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවී” සුළි කුණාටුව දෙසැම්බර් 01 ප.ව. 23.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී. 330 ක් නැගෙනහිර ට
බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.1 ත් නැගෙනහිර දේශාංශ 84.2 ත් ආසන්නව ස්ථානගතව පවතින අතර සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ .කි.මී. 75-85 පමණ වන අතර විටින් විට පැ .කි.මී. 95 දක්වා වැඩිවේ. මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිනෙණු ඇතැයි බලාපොරොත්තු වන අබව කාලගුණ දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
නැගෙනහිර,උතුරු, උතුරු මැද,වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. ඇතැම් ස්‌ථානවල මි.මී. 200 ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැක.සෙසු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. ඇතැම් ස්‌ථානවල මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක.
උතුරු, උතුරු මැද, නැගෙනහිර ,වයඹ සහ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුවපළාත්වල විටින් විට පැ.කි.මි.(80 -90) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවේ.
සෙසු ප්‍රදේශ වල විටින් විට පැ.කි.මි.(60 -70) පමණ දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවත් ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්වය පිළිබද විමසිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.