චීනයේ වැන්ග් 5 අභ්‍යවකාශ යානය සද පෘෂ්ටය මතට සාර්ථකව ගොඩ බස්සවා ඇති බවට විදෙස් වාර්තා සදහන් කරනවා. ලැන්ඩර් යානය මගින් සද මත මීටර් දෙකක් පමණ ගැඹුරින් සිදුරු කල එහි තිබෙන පාෂාණ ලබා ගැනීමට නියමිත බවද සදහන් වෙනවා.
මේ සදහා රොබෝ අතක් යොදා ගැනීම සිදු කරන බව පැවසෙන අතර වසර 40 කට පසු මිනිසුන් රහිත සදේ නියැදි ලබා ගන්නා ලොව තෙවන රට චීනය පත් වෙනවා.