News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

බුරවි ඉදිරි පැය 4 තුළ රට තුළට – අවධානයෙන් පසු වන්නැයි උපදෙස්

434 Views


බුරවි ඉදිරි පැය 4 තුළ රට තුළට – අවධානයෙන් පසු වන්නැයි උපදෙස්

බුරවි සුළි කුණාටුව මේ වනවිට ත්‍රිකුණාමලයට කිලෝ මීටර 110ක් දුරින් ස්ථානගතව ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය අද රාත්‍රී 7ත් 10ත් අතර කාලය තුළ ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ඊසානදිග වෙරළෙන් දිවයිනට ඇතුළු වන බව අද දහවල් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ සුළි කුණාටුව හේතුවෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර 80ත් 90ත් දක්වා ඉහළ යා හැකි අතර විටින් විට පැයට කිලෝ මීටර 100 දක්වා ඉහළ යා හැකි බවයි.

එමෙන්ම උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර වෙරළබඩ ඇතැම් ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බවත් ඒ හේතුවෙන් වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බවත් කාලගුණයෙන් අනතුරු අඟවනවා.

බුරවි සුළි කුණාටුවේ ප්‍රබලත්වය 1යි දශම 5ක් වන අතර සුළි කුණාටු වර්ග කිරීම් අනුව බුරවි සුළි කුණාටුව හතර වැනි ඝණයට අයත් බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එම සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිටත් මන්නාරමට සහ කිළිනොච්චියට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා.

සුළි කුණාටුව පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් ඉන් සිදු විය හැකි අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post