News Line| Off Air
Generic placeholder image

Dec
3

බුරවි නිසා දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින්ට පීඩා – තවදුරටත් මුහුදු නොයන්නැයි ධීවරයින්ට උපදෙස්

535 Views


බුරවි නිසා දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින්ට පීඩා – තවදුරටත් මුහුදු නොයන්නැයි ධීවරයින්ට උපදෙස්

ඊයේ රාත්‍රී දිවයිනට ඇතුළු වූ බුරවි සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 44,848 දෙනෙකු ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.

එම මධ්‍යස්ථානය පැවසුවේ, මේ හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි.

එමෙන්ම නිවාස 50කට පූර්ණ හානි සිදු වී ඇති අතර තවත් නිවාස 2,148ට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා.

මේ අතර බුරවි සුළි කුණාටුව ගැඹුරු පීඩව අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැන්වෙන්නේ අද පස්වරු 5.30 වනවිට සුළි කුණාටුව මන්නාරමට කිලෝ මීටර 90ක් බටහිරට බරව වයඹ දෙසින් ස්ථානගතව පැවති බවයි.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 80 දක්වා ඉහළ යා හැකි වනවා.

මේ හේතුවෙන් හෙට රාත්‍රී වනතුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 – 3ත් අතර ප්‍රමාණයකට ඉහළ යා හැකි බැවින් එය ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව ද නවතම කාලගුණ අනාවැකියේ සඳහන්.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද රාත්‍රී නිකුත් කළ නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post