ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයින් 878ක් වාර්තා වූ අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹින්. එම ගණන 402ක්. ඒ අනුව කොරෝනා දෙවන රැල්ලේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 98ක් ඊයේ දිනය තුල නව ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.