News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
3

තද සුළං හා වැසි ගැන කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

1057 Views


තද සුළං හා වැසි ගැන කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “බුරවී” සුළි කුණාටුවේ කේන්ද්‍රය දෙසැම්බර් 02 දින රාත්‍රී 10.30 ත් 11.30 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළේ තිරියායි සහ කුච්චවේලී අතරින් ශ්‍රී ලංකා ගොඩබිමට ඇතුල් වු අතර සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ .කි.මී. 70-80 පමණ වන අතර විටින් විට පැ. කි.මී. 90 දක්වා වැඩි විය හැක.

මෙය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙතඅද දහවල් කාලය වනවිට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මේ සමග ඉදිරි පැය කිහිපය තුල සුළිකුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තුවේ.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්‌ථානවල මි.මී. 150 ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් විටින් විට වැසි ඇතිවේ.

තද සුළං පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනය පහතින් ,


News Articles
Latest Videos
Most Popular Post