ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණු විශේසඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.
සෞඛ්‍ය සේවයේ වසර 34ක සහ සෞඛ්‍ය පරිපාලන සේවයේ අවුරුදු 24ක සේවා පළපුරුද්දකින් යුත් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මින් පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළා.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ ළමා රෝහලේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇති ඒ මහතා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුර ද හොබවනු ලැබුවා.
එමෙන්ම පෞද්ගලික වෛද්‍ය සංවර්ධන අධ්‍යක්ෂවරයා, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සහ ජාතික ඖෂධ අධිකාරියේ සභාපතිවරයා ලෙසත් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සේවයකර තිබෙනවා.

