කොරෝනා රෝගීන් ප්‍රවාහනය කල බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් වැලිකන්ද, අසේලපුර ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙහිදී බස් රථ දෙකෙහිම රියදුරන් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. පුනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කොරෝනා රෝගීන් රැගත් යුද හමුදා බස් රථයක් හා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
බස් රථ දෙකෙහිම මගීන්ට මේ අනතුරෙන් තුවාල සිදු වී නොමැති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.