මහනුවර සහ අකුරණ යන ප්‍රදේශවල පාසල් 50ක් තවදුරටත් වසා තැබීමට තීරණයකර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.
ඒ අනුව මහනුවර නගර සීමාවේ පාසල් 45ක් ද අකුරණ ප්‍රදේශයේ පාසල් 5ක් ද ලබන 11 වැනිදා දක්වා වසා තැබෙනු ඇති.
එම ප්‍රදේශ ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය හේතුවනේ පසුගිය නොවැම්බර් මස 25 වැනිදා සිට අදාළ පාසල් වසා දැමීමට තීරණය කෙරුණු අතර මහනුවර නගර සීමාවේ පාසල් අද දින විවෘත කෙරෙන බවයි මින් පෙර නිවේදනයේ කෙරුණේ.