News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

මහර බන්ධනාගාර ගැටුම ගැන සෙවීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව සඳුදා

392 Views


මහර බන්ධනාගාර ගැටුම ගැන සෙවීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව සඳුදා

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව ලබන සඳුදා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා වෙත භාර දීමට නියමිතව තිබෙනවා.

එම බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වයට හේතු වූ කරුණු සොයා බැලීම සදහා අමාත්‍ය අලිසබ්රි මහතා විසින් පසුගිය සඳුදා අදාළ කමිටුව පත් කරන ලැබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් වන අතුරු වාර්තාවක් සතියක් ඇතුළත ලබා දෙන ලෙස විමර්ශන කණ්ඩායමට උපදසේ දී තිබුණා.

ඒ අනුව කමිටු නිලධාරීන් ඊයේ දිනයේ මෙන්ම අදත් මහර බන්ධනාගාරය වෙත පැමිණියා.

එම විමර්ශනවල අතුරු වාර්තාව සදුදා දිනයේ අමාත්‍යවරයා වෙත භාරදීමෙන් අනතුරුව ඉදිරි කටයුතු ක්‍රියාත්මක වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post