නව ආසාදිතයින් 265 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.
අද දිනයේ එම පොකුර ආශ්‍රයෙන් ආසාදිතයින් 517 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරුවලින් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 23,005ක් ලෙසයි.
ඒ සමග මෙරට තුළින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 26,555 දක්වා ඉහළ ගියා.