News Line| Off Air
Generic placeholder image

Dec
4

පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් සිටි දෙදෙනා කොටු කරගත් නිලධාරීන්ට උසස් වීම්

499 Views


පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් සිටි දෙදෙනා කොටු කරගත් නිලධාරීන්ට උසස් වීම්

කිළිනොච්චියේදී බස් රථයකින් ක්ලේමෝ බෝම්බ දෙකක් ගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාට උසස් වීම් සහ විශේෂ ප්‍රදානයන් පිරි නැමීමට තීරණය කළ බව අමාත්‍ය සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම නිලධාරීන්ගේ ක්‍රියාව අගය කරන අතර ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් මෙම උසස් වීම් සහ ප්‍රදානයන් පිරිනමන බවයි.

කිළිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී පුද්ගලයෙක් සහ කාන්තාවක් එම පුපුරණ ද්‍රව්‍ය බස් රථයක රැගෙන යමින් සිටියදී හසුකරගෙන තිබුණේ ලද තොරතුරක් මතයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකුගේ මව යැයි පැවසෙන කාන්තාවකට අයත් නිවසක් වෙත එම පුපුරණ ද්‍රව්‍ය ගෙන යමින් සිට ඇති බවයි.

එමෙන්ම එම කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සඟවා තිබූ තවත් පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට අදාළ නිලධාරීන්ට හැකි වුණා.

මේ අතර ආබාධිත හමුදා සාමාජිකයින්ගේ පවුල්වලට මෙන්ම ක්‍රියාන්විතයේදී ආබාධිත වු සහ මියගිය පොලිස් නිලධාරින්ගේ යැපෙන්නන්ට ද ප්‍රතිලාභ ලබාදීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවත් සරත් වීරසේකර අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

ඒ, හේෂා විතානගේ මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.


News Articles
Latest Videos
Most Popular Post