News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

වැසි තත්වය තව දුරටත්

497 Views


වැසි තත්වය තව දුරටත්

“බුරවි” සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර එය අද (දෙසැම්බර් 04 ) පෙ.ව 02.30 වන විට මන්නාරමට කි.මී. 143 ක් බටහිරට බරව වයඹ දෙසින් ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතියේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

උතුරු, උතුරු මැද සහ වයඹපළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු සහ වයඹපළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්‌ථානවල මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැ.කි.මි.(40-50) පමණ දක්වා වන සුළං ඇති විය හැක.


News Articles
Latest Videos
Most Popular Post