News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
4

හෙට උදෑසන තෙක් ධීවර සහ නාවික කටයුතු එපා – කාලගුණයෙන් දැනුම් දීමක්

495 Views


හෙට උදෑසන තෙක් ධීවර සහ නාවික කටයුතු එපා – කාලගුණයෙන් දැනුම් දීමක්

මන්නාරමබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් දිවයිනෙන් පිටතට ගමන් කරමින් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 50 – 60ත් වන අතර විටින් විට එය පැයට කිලෝ මීටර 70 දක්වා ඉහළ යා හැකි බවයි.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් හෙට උදෑසන තෙක් ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post