News Line| Off Air
Generic placeholder image

Dec
5

මොරටුව අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවගේ කුසේ සිටි දරුවාත් මරුට – අනතුර සිදු කළ පුද්ගලයා රිමාන්ඩ්

673 Views


මොරටුව අනතුරෙන් තුවාල ලැබූ කාන්තාවගේ කුසේ සිටි දරුවාත් මරුට – අනතුර සිදු කළ පුද්ගලයා රිමාන්ඩ්

මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කළ යතුරුපැදිකරු මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන මොරටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ නව ගාලු පාරේ පදික මාරුවක් මතින් කුඩා දැරියන් දෙදෙනෙකු සිය මව සමග මාර්ගය හරහා මාරු වෙමින් සිටියදී අදාළ යතුරුපැදියේ ගැටී ඔවුන් අනතුරට පත්ව තිබුණේ ඊයේ රාත්‍රිෙය්දීයි.

එම අනතුරින් අවුරුද්දක් සහ අවුරුදු 7ක් වයසැති දැරිවියන් දෙදෙනො එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

ඔවුන්ගේ මව ගැබිනියක් වන අතර ඇය බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, ඇය ශල්‍යකර්මයකට භාජනයකර ඇති අතර ඇගේ කුස තුළ සිටි දරුවා ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

යතුරුපැදිකරුට වේගය පාලනයකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පදිකමාරුව හරහා ගමන් කරමින් සිටි තිදෙනාගේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post