News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
5

අදත් දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 100 ඉක්ම වූ තද වැසි

869 Views


අදත් දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 100 ඉක්ම වූ තද වැසි

මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතයමේ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතවම පවතින අතර මන්නාරමට කි.මී. 145 ක් බටහිර දෙසින් ස්ථානගතව පැවතුනි. එය තවදුරටත් දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වන අතර එමගින් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

උතුරු, වයඹසහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු සහ වයඹපළාත්වලත් පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්‌ථානවල මි.මී. 100 පමණ තද වැසිද ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති ඇතිවේ.

ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව සහපොළොන්නරුව දිස්ත්‍රික්කවල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැ.කි.මි.(40-50) පමණ දක්වා වන සුළං ඇති විය හැක.


News Articles
Latest Videos
Most Popular Post