News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
7

තවත් ආසාදිතයින් 377 දෙනෙක් හඳුනා ගනියි

466 Views


තවත් ආසාදිතයින් 377 දෙනෙක් හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 377 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් අතුරින් බන්ධනාගාර ආශ්‍රයෙන් ආසාදිතයින් 83 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

සෙසු ආසාදිතයින් 294 දෙනා හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් වන අතර ඔවුන් එම පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 703ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post