කුරුණෑගල, තිත්තවැල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ අලුයම් කාලයේ නිරුවතින් පැමිණි පුද්ගලයෙක් ඊට ඇතුළු වී එහි භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.
අදාළ පුද්ගලයා නිවසට ඇතුළු වීමට පෙර තමන් සතුව තිබූ උදැල්ලක් සහ පිහියක් ඒ සඳහා භාවිතකර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කුරුණෑගල පොලිසියේ නිල සුනඛ අංශයේ සුනඛයින් යොදවා පරීක්ෂණ සිදුකර ඇති අතර ඒ සඳහා ඇඟිලි සළකුණු අංශයේ ද සහය හිමි වී තිබෙනවා.
අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් හෝ ඔහු සොරාගත් භාණ්ඩ පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරුක් අනාවරණ වී නැහැ.
ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකයි.