News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
7

එල්.පී.එල් තරඟාවලියේ අද තරඟයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 8ක ජයක්

683 Views


එල්.පී.එල් තරඟාවලියේ අද තරඟයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 8ක ජයක්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අද පැවැති තරඟයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායම පරාජය කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, ලකුණු 8ක ජයක් වාර්තා කරමින්.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් කලම්බු කිංග්ස් කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ සියල්ල දැවී ලකුණු 171ක් රැස්කර ගත්තා.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 172ක ඉලක්කයක් හිමි වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 75ක් හිමිකර ගනිමින් ලකුණු 8කින් තරඟය ජයග්‍රහණය කළා.

තරඟාවලියේ 14වැනි තරඟය අද පැවැත්වුණේ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීයි.


News Articles
Latest Videos
Most Popular Post