කල් දැමුණු අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මස පළමුවැනිදා සිට එම මස 11වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.
සාමාන්‍ය පෙළ විභාගය මින් පෙර පැවැත්වීමට සැළසුම්කර තිබුණේ ලබන වසරේ ජනවාරි මස 18වැනිදා සිට 27වැනිදා දක්වායි.
එහෙත් රට තුළ පැතිර යන වසංගත තත්ත්වය හේතුවෙන් අදාළ දිනට විභාගය පැවැත්වීමට නොහැකි බවයි පසුගියදා නිවේදනය කෙරුණේ.