News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

දිනකදී සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ගණන 20,000 දක්වා ඉහළ නැංවීමට පියවර

906 Views


දිනකදී සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ගණන 20,000 දක්වා ඉහළ නැංවීමට පියවර

මෙරට දිනපතා සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ 20,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ ඒ සඳහා මේ වනවිට රෝහල් 10ක් සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි.

රජයේ රෝහල් 5ක් සහ පෞද්ගලික රෝහල් 5ක් ලෙස රෝහල් 10කට එලෙස අනුමැතිය දී තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ, දැනට දිනයක් තුළ පී.සී.ආර්. පරීක්ෂණ 13,000 – 14,000 අතර ප්‍රමාණයක් සිදු කෙරෙන අතර ඉදිරියේදී එම ප්‍රමාණය 20,000ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post