ශ්‍රී ලංකා ප්රිමියර් ලීග් තරඟාවලිය සඳහා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඇතුළු වී තිබෙනවා.
පසුගියදා පැවති ශ්‍රී ලංකා ප්රිමියර් ලීග් ක‍්‍රීඩක වෙන්දේසියේදී රමිත් රඹුක්වැල්ලට ගැනුම්කරුවකු ඉදිරිපත් වී නැහැ.
දඹුල්ල කණ්ඩායමේ අෆ්ටාබ් අලාම් තරගාවලියෙන් ඉවත්වීම නිසා රඹුක්වැල්ලට මෙම අවස්ථාව ලැබී ඇති අතර ඒ අනුව රමිත රඹුක්වැල්ල දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ සංචිතයට ඇතුළත් වී තිබෙනවා.
මේ වනවිට ඔහු නිරෝධායනට ලක්ව සිටින අතර එම ක්‍රියාවලියෙන් පසු තරඟාවලියේ ඉදිරි තරඟ සඳහා සහභාගී වීමට නියමිතයි.