News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

ඊයේ දිනය තුළ ආසාදිතයින් 649ක් හඳුනා ගනියි

403 Views


ඊයේ දිනය තුළ ආසාදිතයින් 649ක් හඳුනා ගනියි

ගත වූ දිනයේ අලුතින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 649ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ එලෙස වාර්තා වූ ආසාදිතයින් අතරින් 451 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 197 දෙනා බන්ධනගාරවලින් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ, නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයෙකුට ද වෛරසය ආදානය වී ඇති බවට ඊයේ තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 27,877ක් ලෙසයි.

මේ අතර තවත් ආසාදිතයින් 7272 දෙනෙකු තවදුරටත් රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකාව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 20,460ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post