News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

නව කොරෝනා එන්නත බ්‍රිතාන්‍යය වැසියන්ට එන්නත් කිරීම ඇරඹෙයි

440 Views


නව කොරෝනා එන්නත බ්‍රිතාන්‍යය වැසියන්ට එන්නත් කිරීම ඇරඹෙයි

ඇමරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කෙරෝනා මර්දන එන්නත අද සිට බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දීමට එරට රජය තීරණයකර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේදී ෆයිසර් සහ බයෝ එන්ටෙක් සමාගම් එක්ව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම එන්නත නිෂ්පාදනය කිරීම ආරම්භ කළා.

කොරෝනා වෙෙරසය මර්දනය සඳහා සියයට 95ක ඵලදායීතාවක් ඇති බව තහවුරු වූ මෙම එන්නත ලබා දීමට බ්‍රිතාන්‍යය තීරණයකර ඇත්තේ වයස අවුරුදු 80 ඉක්මවූ වැඩිහිටියන්, සෞඛ්‍ය සේවකයින් සහ වැඩි අවදානම් සහිත පිරිස සඳහා බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

අදාළ සමාගම් පෙන්වා දෙන්නේ එක් අයෙකුට එන්නත් මාත්‍රා දෙකක් ලබා දිය යුතු බවයි.

පළමු එන්නත් මාත්‍රාව ලබා දීමෙන් සති තුනකට පසුව දෙවැනි මාත්‍රාව එන්නත් කළ යුතු බව ද ඒම සමාගම් පවසනවා.

අදින් ආරම්භ වන සතියක කාළය තුළ ලක්ෂ 8ක පිරිසකට එන්නත ලබා දීමට නියමිතයි.

මේ අතර බ්‍රිතාන්‍යය තුළ කොරෝනා ආසාදිතයින් 17 ලක්ෂ 37,960ක් වාර්තා වී ඇති අතර මරණ ගණන දැක්වෙන්නේ 61,434ක් ලෙසයි‍.


News Articles
Latest Videos
Most Popular Post