ලොව උසම කන්ද ලෙස සැළකෙන එවරස්ට් කන්දේ උස, නිල වශයෙන් ගණන් බලා ඇති උස ප්‍රමාණයට වඩා තවත් මීටර 0.86ක උසකින් යුක්ත බවට අනාවරණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නේපාලය සහ චීනය මේ බව ප්‍රකාශකර ඇති බවයි වාර්තා වන්නේ.
ආසියාවේ හිමාල කදුකරයේ කොටසක් වන මෙය නේපාලයට අයත් -සාගරමාතා- ප්‍රදේශයට සහ චීනයට අයත් -ටිබෙටය- මායිමේ පිහිටා තිබෙනවා.
එහි නිල උස ලෙස සැළකෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 8,848 (අඩි 29,029)ක් ලෙසයි.