අදත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි අැති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නැගෙනහිර පළාතේත් යාපනය, මුලතිව්, කිළිනොච්චි, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි.
ඒමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර 50ට වැඩි සාමාන්‍යය තද වැසි ඇති විය හැකි වනවා.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
මේ අතර මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව මුහුදේ කාලගුණය සම්බන්ධයෙන් ඒම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි වනවා.
මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසිවාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඒමෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර දෙසින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර 30-35 පමණ වන බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.