කෑගල්ල පාර, කුරුණෑගල – කොළඹ පාර ඇතුළු සියලුම අතුරු මාර්ගවල හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය දැනුම් දෙන්නේ, ඒ අනුව හෙට උදෑසන 9 සිට අනිද්දා උදෑසන 9 දක්වා පැය 24ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
කුරුණෑගල ප්‍රධාන ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.