දුෂණය සංවර්ධනයට ඇති විශාලතම බාධාකය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දූෂණය පරාජය කිරීමට ඇති හොඳම ආයුධය රටවැසියා එය නොඉවසීම බව ජනාධිපතිතුමා පවසයි.
දූෂණයට එරෙහි සටනේදී රටවැසියා බලගැන්වීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉහළ අවධානයක් යොමු කළේ එබැවින් වන බව ජනාධිපතිතුමා පැවසීය. නාස්තිය හා දූෂණය පිටුදැකීම තම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් ලෙස සලකන බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ, අන්තර් ජාතික දූෂණ විරෝධි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය.